සත්‍යයේ පුවත් අඩහැරය….

අග්‍රාමාත්‍යවරයාගේ හැසිරීම ලිච්ඡවි පාලනයට හානියක් – ජාතික භික්ෂු පෙරමුණ

 alt=යහපාලනය රට තුළ අැති කර ලිච්ඡවි පාලනයක් අැතිකරන බව පවසමින් බලයට පත්වූ වත්මන් අාණ්ඩුව මේ වන විට දැවැන්ත මූල්‍ය වංචාවක කොටස්කරුවන් බවට පත්ව අැති බවත් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිච්ඡවි පාලනයට හානිවන ලෙසට හැසිරෙමින් ‍සිටින බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් විසිනි.

සිය අදහස් පළකරමින් ‍පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි පවසා සිටින ලද්දේ දෙෙනිකව කුලියට රැකියාවේ නිරත වන කම්කරුවාගේ සිට රටේ සමස්ත ජනතාවටම දැඩි අහිතකර ලෙස බලපාන ලෙස වත්මන් අාණ්ඩුව විසින් නව බදු පනතක් හදුන්වා දී අැති බවයි. මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් බදු ගෙවීම වර්ජනය කර, පනත පරාජය කිරීමට කටයුතු කළයුතු බව ද පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් වැඩිදුරටත් පවසා සිටින ලදී. සිල් රෙදි බෙදාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වී මේ වන විට බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට යන මහත්වරුන් ඉදිරිකාලය තුළ නිදහස් වනු අැති බවට සැකයක් මතු වන අතර රටේ ජනතාව පීඩාවට පත්කරමින් විවිධ අණපනත් හදුන්වාදෙන රටේ වත්මන් දේශපාලඥයින් හට ජනතාව ඉදිරිකාලය තුළ නිසි පිළිතුරු සපයනු අැති බව ද පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය හදුගල රතනසාර සහ සාමාජික පූජ්‍ය තලගම ඥාණසිරි යන හිමිවරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට