ජනපති සහ ආණ්ඩු පක්ෂයේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර ජනාධිපති නිළ නිවසේදී අද (12) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මේ වන විට රට තුළ ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය මෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.