සත්‍යයේ පුවත් අඩහැරය….

මාර්ග සංවර්ධන අධිකාරිය පුද්ගලීකරණය කිරීමේ උත්සහායට දැඩි විරෝධය පළ කරනවා – මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව

 alt=මාර්ග සංවර්ධන අධිකාරිය පුද්ගලීකරණය කිරීමේ වත්මන් යහපාලන අාණ්ඩුවේ උත්සහායට දැඩි විරෝධය පළ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ සාමාජික බී.එම්.ඩී.කේ බණ්ඩාරනායක මහතා විසිනි. සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ අධිකාරිය පුද්ගලීකරණය කිරීමෙන් මෙහි සේවය කරනු ලබන 12000 ක් බමණ වන සේවකයින්ගේ රැකියා සහ වැටුප් සම්බන්ධයෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වන බවයි.

අදාළ ගැටළුකාරී තත්ත්වයන් විසදා ගැනීම සදහා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා අැතුළු බලධාරීන් සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර අදාළ සාකච්ඡා තුළින් නිසි විසදුම් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සිදුවන බවත් බී.එම්.ඩී.කේ බණ්ඩාරනායක මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් අැතුළු පිරිසක් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට