ගිනස් වාර්තා තැබූ ඔසරිපොටේ සිද්ධිය, මධ්‍යම ආණ්ඩුකාරවරියගෙන් පරීක්ෂණයක්..
ගිනස් වාර්තාවක් තැබූ මෙරට මනමාලියකගේ කිලෝමීටර් 3 කට අධික දිගින් යුතු ඔසරිපොට, අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසැලේ සිසුවියන් 250 ක් විසින් ගන්නෝරුව මාර්ගයේ ඔසවාගෙන සිටීමේ සිදුවීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් අද (25) පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මහනුවර දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරීන් සහ අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසැලේ විදුහල්පතිවරයා මෙම පරීක්ෂණ සදහා කැඳවීමට නියමිතව ඇත.