සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ව්‍යාජ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කර මහාචාර්ය ලක්ෂ්මන් කොමිසමේ වාර්තාව කැබිනට් අවධානයට යොමු කරන්න, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරයාට ලිපියක්

 alt=නවසීලන්ත ජාතිකයෙකු විසින් සකස් කරන ලද ව්‍යාජ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කර මහාචාර්ය ලක්ෂ්මන් කොමිසමේ වාර්තාව නිකුත් වු පසු එය කැබිනට් මණ්ඩලයේ අවධානය පිණිස යොමු කරන්නැයි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇත. මේ වන විට දැඩි කතාබහට මෙන්ම විරෝධතාවයට ද ලක්ව තිබෙන “එට්කා” ගිවිසුම මෙන්ම ඊට සම්බන්ධ ක්‍රියාදාමය තුළ අවභාවිතාවන් 04 ක් නිරීක්ෂණයට ලක්වූ බවත් එබැවින් ඊට අවධානය යොමු කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් අදාළ ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය.

ශක්‍යතා අධ්‍යයනයක්වත් සිදු කර නොමැති ගිවිසුමක සම්පූර්ණ වගකීම අතිගරු ජනාධිපතිතුමා වෙත පවරා සාකච්ඡා කණ්ඩායම වගකීමෙන් ඉවත් වීම, බැදියාවන් අතර ගැටුමක් (Conflict of interest) ඇති පුද්ගලයන් ද්විපාර්ශවික ගිවිසුම් වෙනුවෙන් කටයුතු කරන්නන් ලෙස පත් කිරීම, එට්කා ගිවිසුම සම්බන්ධ ක්‍රියාදාමයේ ප්‍රධානම ලක්ෂණ නම් විනිවිදභාවයක් නොමැති වීම සහ පාර්ශවකරුවන්ගේ අදහස් සැලකිල්ලට නොගැනීම සහ ව්‍යාජ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම යන කරුණු 04 සම්බන්ධයෙන් සවිස්තරාත්මකව සදහන් කර ඇති මෙම ලිපියට දේශයේ හෙට දවස වෙනුවෙන් කටයුතු කිරීමට එක් වූ වෘත්තීය සංගම් සහ සංවිධාන රාශියක් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නියෝජනය කරමින් අත්සන් තබා ඇත.

කෙසේ නමුත් ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මැතිතුමාගේ සහ හිටපු නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් පත් කළ මහජන කොමිෂන් සභාව විසින් පාර්ශව කරුවන්ගෙන් කරුණු විමසමින් නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් සකස් කළ ජාතික ප්‍රතිපත්තිය නුදුරේදීම ජනගත කිරීමට නියමිතව ඇති බවත් නමුත් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය මඟින්, එක් විදේශීය පුද්ගලයකු විසින් සකස් කරන ලද රචනාවක් නව ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් ලෙස නම් කරමින් කැබිනට් මණ්ඩලයත් ජනතාවත් නොමග යවා ඇති බවට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ චෝදනා කර සිටියි. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් නවසීලන්ත ජාතිකයා විසින් සකස් කළ ව්‍යාජ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කර මහාචාර්ය ලක්ෂ්මන් කොමිසමේ වාර්තාව නිකුත් වු පසු එය කැබිනට් මණ්ඩලයේ අවධානය පිණිස යොමු කරනු ඇතැයි තමන් බලාපොරෝතු වන බව ද මෙම ලිපියෙහි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වැඩිදුරටත් සදහන් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට