සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය සභාවේ නව සභාපති කිරීම නීති විරෝධියි, අමාත්‍ය රාජිත ජනපති සහ අගමැති අභිභවා කටයුතු කරමින් සිටිනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=වෛද්‍ය සභාවේ සියළුම දෙනා විසින් සිටි විරෝධය දක්වද්දී පවා පුද්ගලික ඖෂධ සමාගමකට සම්බන්ධ, සයිටම් හිතවාදියෙකු වන ආචාර්ය, වෛද්‍ය කොල්වින් ගුණරත්න මහතා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කළේ කෙසේ දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විමසා සිටියි. ඊයේ (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් කොළඹගේ මහතා වැඩිදුරටත් සදහන් කරන ලද්දේ වෛද්‍ය සභාවේ නව සභාපති වෛද්‍ය කොල්වින් ගුණරත්න මහතා දිගින් දිගටම මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පෙනී සිටි අයෙකු වන බවත් සුදුසුකම් සපුරන ලද පිරිසක් සිටියි ද සිය අභිමතයට අනුව පමණක් කටයුතු කරමින් තමන්ට අවශ්‍ය පුද්ගලයෙකු වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස

පත්කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාට කිසිදු බලයක් නොමැති බවයි. ආචාර්ය, වෛද්‍ය කොල්වින් ගුණරත්න මහතා වැනි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් ද ප්‍රතික්ෂේප කරන ලද අයෙකු වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කිරීම තුළින් පෙනී යන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පවා අභිභවා යමින් කටයුතු කරමින් සිටින බව මෙම මාධ්‍ය හමුවේදී සිවය අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නලීන් ද හේරත් මහතා අවධාරණය කර සිටියේය. මෙම අවස්ථාව සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන් ද සෝයිසා මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට