හම්බන්තොට විරෝධතාවය ගැන ප්‍රකාශ දෙන්න තිදෙනෙක් හම්බන්තොට මුලස්ථාන පොලිසියට කැදවයි..
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ සහ
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න යන මහත්වරුන් හට ප්‍රකාශයක් ලබා දීම සදහා අද (09) පෙරවරුවේ හම්බන්තොට මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව වාර්තා වේ. පසුගිය දා හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාවය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සදහා මෙම තිදෙනා හම්බන්තොට මුලස්ථාන පොලිසිය වෙත කැදවා තිබේ.