සත්‍යයේ පුවත් අඩහැරය….

ලංගම ඉහළ දමන්න යෝජනා රැසක් සමග සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයෙන් මුදල් අමාත්‍යවරයාට ලිපියක්..

 alt=රාජ්‍ය ප‍්‍රවාහන සේවය ශක්තිමත් කර ශ‍්‍රී ලංගම සේවක අයිතීන් ලබාදීම සදහා 2018 අයවැය තුළින් ශ‍්‍රී ලංගමයට රුපියල් මිලියන 31 000 ක් ලබාදෙන ලෙසත් එ් සඳහා මුදල් උපයා ගන්නා ආකාරය සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් ලිපියක් මුදල් අමාත්‍යවරයා වෙත යොමු කිරීමට සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය කටයුතු කර ඇත.ඒ අනුව රාජ්‍ය සේවක මූලික වැටුපට එකතු කර තිබෙන රු. 5000/= ක මුදල ශ‍්‍රී ලංගම සේවකයින්ගේ මුලික වැටුපට එකතුකිරීම, පාරිතෝෂික මුදල් ගෙවීම, අර්ථසාධක අරමුදල් ගෙවීම, සේවක වැටුප් වැඩි කිරීම, පාසල් දරුවන් ඇතුළු වැඩකරන ජනතාවට සහන සැලසීම, ශ්‍රී ලංගමය විසින් ආයතනවලට ගෙවිමට ඇති ණය මුදල් ගෙවීම යන කරුණු සඳහා පුනරාවර්ථන වියදම් මෙන්ම නව බස්රථ ලබාගැනීම, ශ‍්‍රී ලංගමයේ කාර්මික අංශයට නවීන තාක්ෂණ උපකරණ ලබාගැනීම, දැනට අඩාල වී ඇති සේවක සුභසාධන ක‍්‍රියාවලිය වධිමත්ව පවත්වා ගැනීම, සියලූම ඩිපෝ වැඩපලවල්, ආයතනල අළුත්වැඩියා කර සංවර්ධනය කිරීම, කොටස් සහතික හිමියන්ට සාධාරණය ඉටු කිරීම, පරිගණක තාක්ෂණය වැඩිදියුණු කිරීම යන ඉල්ලීම් ඉටු කිරීම සදහා ශ‍්‍රී ලංගමය වෙත රුපියල් මිලියන 31,000 ක මුදලක් ‍මෙවර අයවැය ලේඛනය තුළින් ලබාදෙන ලෙස අදාළ ලිපිය මගින් ඉල්ලීමක් කර ඇත.

අදාළ මුදල උපයා ගැනීම සදහා සෑම දිස්ත‍්‍රික්කයකින්ම එක් ඩිපෝවක් බැගින් තෝරා එහි ප‍්‍රධාන ඉන්ධනහලක් ස්ථාපිත කිරීම, අමතර කොටස් ගබඩා කර ශ‍්‍රී ලංගම බස් රථවලට අමතරව බාහිර වාහනවලට ද අමතර කොටස් අලෙවි කිරිම, රියදුරු පුහුණු කිරිමේ පාසලක් ස්ථාපිත කර ශ‍්‍රී ලංගම සේවකයන්ට රියදුරු පුහුණුව ලබාදීමට අමතරව බාහිර පුද්ගලයන්හට රියදුරු පුහුණුව ලබාදීම, දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයක් සහ යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ බලය ශ‍්‍රී ලංගමයට පමණක් ලබාදීම යන යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරන ලෙස ද මෙම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර තිබේ.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට