“1990″ හදිසි ගිලන්රථ සේවය ලබන වසරේ සිට දිවයින පුරා..
මේ වන විට බස්නාහිර හා දකුණු පළාත්වල ක්‍රියාත්මක වන “1990″ හදිසි ගිලන්රථ සේවය එළඹෙන වර්ෂයේ සිට දීපව්‍යාප්තව දියත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසා සිටියි. එ් අනුව ඉන්දියාවේ පූර්ණ සහයෝගය යටතේ ක්‍රිියාත්මක වන මෙම ගිලන්රථ සේවය තුළ දැනට ක්‍රියාත්මක වන ගිලන්රථ 88 ක ප්‍රමාණය 250 ක් දක්වා ඉහළ දැමෙනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.