නාමල් රාජපක්ෂ, ඩී.වී චානක සහ ප්‍රසන්න රණවීර අත්අඩංගුවට..
අධිකරණ නියෝග නොතකා විරෝධතාවයක නිරත වීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී චානක සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ඇතුළු 07 දෙනෙකු මේ මස 16 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. හම්බන්තොට විරෝධතාවය සම්බන්ධයෙන් පොලීසිය හමුවේ ප්‍රකාශ ලබාදීමෙන් පසුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.