ලෝක දෘෂ්ඨි දිනය අදයි..
ලෝක දෘෂ්ඨි දිනය අද (12) ට යෙදී ඇත. සෑම වර්ෂයකම ඔක්තෝම්බර් මස දෙවන සතියේ බ්‍රහස්පතින්දා ලෝක දෘෂ්ඨි දිනය සමරනු ලබන අතර මේ නිමිත්තෙන් විශේෂ පාගමනක් සහ දෘෂ්ඨි ආබාධ හදුනාගැනීම සදහා සායනයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජාතික අක්ෂි රෝහල අනාවරණය කර සිටියි. මෙරට පාසැල් දරුවන් අතර ද දෘෂ්ඨි ආබාධ රැසක් දක්නට ලැබෙන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.