තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ වංචාව ගැන හොයන්න එරටින් තිදෙනෙක් දිවයිනට..
තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ ගිණිමුට අනවසරයෙන් ඇතුළු වී ඩොලර් මිලියන 60 කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධිය පිළිබද විමර්ශනය කිරීම සඳහා අදාළ බැංකුවේ නියෝජිතයෙකු සහ එරට විමර්ශන නිළධාරීන් දෙදෙනෙකු මෙරටට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටියි. අදාළ නිළධාරීන් තිදෙනා ඊයේ (11) දිවයිනට පැමිණි තිබේ. මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු මත විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකුගේ පුත්‍රයෙකු සහ ලිට්රෝ සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.