පැනගිය රැදවියෙකු මෙල්ල කරන්න බන්ධනාගාර නිලධාරීන්ගෙන් අහසට වෙඩි..
පැන යාමට තැත්කරන ලද බන්ධනාගාර රැදවියෙකු මෙල්ල කරගැනීම සදහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තැබීම නිසා අද (13) උදෑසන අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. මෙසේ පළා යාමට උත්සාහ කර ඇත්තේ මරණ දඩුවම නියම වී සිටි යුක්රේන ජාතිකයෙකුට වන අතර වෙඩිතැබීමෙන් පසු අදාළ රැදවියා මෙල්ල කර ගැනීමට බන්ධනාගාර නිලධාරීන් හට හැකියාව ලැබී ඇති අතර මෙම සිදුවීමෙන් එක් බන්ධනාගාර නිලධාරියෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.