පළමු එක්දින තරගයේ ජය පාකිස්ථානයට..
ශ්රී ලංකාව සහ පාකිස්ථාන කණ්ඩායම් අතර ඊයේ (13) පැවති තරග 5 කින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ පළමු එක්දින ක්රිකට් තරගයෙන් ලකුණු 83 කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. මුලින් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුළු 6 ක් දැවී ලකුණු 292 ක් ලබාගන්නා ලද අතර ශ්රී ලංකා කණ්ඩායමට සිය පන්දුවාර පහ අවසානයේ ලබාගත හැකිවූයේ කඩුළු 08 ක් දැවී ලකුණු 209 ක් පමණි. තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1/0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට හැකිවිය.