“සයිටම්” අර්බුදයට වහාම විසදුමක් ඕනෑ, මහනායක හිමිවරුන්ගෙන් ජනපතිට සහ අගමැතිට ලිපි..
මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට වහාම විසදුමක් ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපි යොමු කර ඇති බව වාර්තා වේ. මෙම අර්බුදකාරී තත්ත්වය රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය මෙන්ම සාමාන්‍ය ජනජීවිතය කෙරෙහිද දැඩි අහිතකර බලපෑමක් එල්ල කරමින් තිබෙන බැවින් ඊට විසදුම්ක් ලබා දීම අත්‍යාවශ්‍ය බව අදාළ ලිපි මගින් අවධාරණය කර ඇති බව වාර්තා වේ.