කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට..
මධ්‍යම කදුකරය වෙත ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හමුවේ ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. ඒ අනුව කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට පැමිණ ඇති බව වාර්මාර්ග අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. මේ වන විට අදාළ ජලාශ දෙකෙන් උපරිම මට්ටමකින් විදුලිය උත්පාදනය කරමින් පවතින බව විදුලි බල අමාත්‍යංශය පවසා සිටියි.