නීති විරෝධීව මෙරට මුහුදු සීමවා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 08 ක් අත්අඩංගුවට..
ඉන්දීය ධීවරයින් අට දෙනෙකු ඩෙල්ෆ් දූපත ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ආරංචි මාර්ග පවසා සිටියි. නීති විරෝධී අයුරින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම නිසා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර එම ධීවරයින් පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.