භාණ්ඩාගාර බැදුම්කර නිකුතුව ගැන සාක්ෂි විමසීම අදින් අවසන්..
මෙරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළ සාක්ෂි විමසීම අද (17) දිනෙන් අවසන් වූ බව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබද පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසා සිටියි. පුද්ගලයින් රැසක් අදාළ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි ලබාදුන් අතර අවශ්‍ය වුවහොත් අග්‍රාමාත්‍යවරයා ද කොමිසම ඉදිරියට කැදවා සාක්ෂි විමසන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.