අද සිට නොවැම්බර් 15 තෙක් පොදු සමාකාලයක්..
නීත්‍යානුකූල නොවන ලෙස යුද හමුදාව හැර ගිය හමුදා සෙබළුන් හට නීත්‍යානුකූලව ඉවත් වීම සදහා වන පොදු සමා කාලය අද (23) දින සිට ක්‍රියාත්මක වන බව යුද හමුදාව අවධාරණය කර සිටියි. මෙම පොදු සමා කාලය නොවැම්බර් මස 15 වන දින දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර මෙම වසරේ ක්‍රියාත්මක වන පළමු පොදු සමා කාලය මෙය බවද යුද හමුදාව වැඩිදුරටත් පවසා සිටියි.