සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට චිත්‍රපට කර්මාන්තය රැක ගන්න මැදිහත් වන්නැයි දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයෙන් ජනපතිට ඉල්ලීමක්..

 alt=අවිධිමත්, අර්බුදකාරී සහ ව්‍යාකූල ලෙස චිත්‍රපට බෙදා හැරීම නිසා මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයම මේ වන විට දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බැවින් එම තත්ත්වය විසදා ගැනීම සදහා මැදිහත් වන්නැයි දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය මෙම ඉල්ලීම කර ඇති අතර මෙම ගැටළුකාරී තත්ත්වය විසදා ගැනීම සදහා යෝජනා කිහිපයක් ද අදාළ ලිපිය තුළ සදහන් කර ඇත.

ඒ අනුව චිත්‍රපට බෙදා හැරීමේදී දැනට අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන ධාරා තුන විධිමත් කිරීම, එම ධාරාවන්ට අයත් විත්‍රපට ශාලා වෙන් කිරීම, එක් ධාරාවකට අයත් සිනමා ශාලා වෙනත් ධාරාවකට ලබා නොදීම, විදේශීය චිත්‍රපට මුදාහැරීම පනතට අනුව සිදු කිරීම ඇතුළු යෝජනා රැසක් මෙම ලිපියෙහි අන්තර්ගතව ඇත.

අදාළ යෝජනාවන් එක එල්ලේම ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් පර්යේෂණ තත්ත්වයක් යටතේ වසරක කාලයක් අදාළ යෝජනා ක්‍රියාත්මත කර එහි ප්‍රතිඵල අනුව වඩා සුදුසු ක්‍රමවේදයක් ආදේශ කර දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීමට කටයුතු කරන ලෙස මෙම ලිපිය මගින් දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට