දිවයින පුරා ප්‍රදේශ රැසකට අද සවස වැසි..
දිවයින පුරා ප්‍රදේශ රැසක අද (27) දින සවස් කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව අද දිනයේ සවස් කාලයේ බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, උෟව සහ නැගෙනහිර පළාත් තුළට වැසි ඇතිවිය හැක. මේ අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මැද දුම්බර, උඩ දුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය විසින් අවදානම් නිවේදන නිකුත් කර ඇත.