සත්‍යයේ පුවත් අඩහැරය….

රටතුළ සංඝ භේදයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

 alt=භික්ෂූන් වහන්සේලා විසින් සිදුකරනු ලබන ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් රටතුළ සංඝ භේදයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි අවධාරණය කර සිටියි. යුතුකම සංවාද කවය විසින් ඊයේ (27) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් මෙම අදහස් පළ කරන ලද අතර උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට රටතුළ ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණය තුළ කිසිදු දේශපාලඥයෙකු, දේශපාලන පක්ෂයක් හෝ වත්මන් ආණ්ඩුව පවා විශ්වාස කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

ජාත්‍යන්තරයෙන් මෙරටට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින අතර දමිළ, මුස්ලිම් ජනතාව ඉත්තන් බවට පත්කරගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා පවසා සිටියේ මෙරටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍ය බව දිගින් දිගටම පවසා සිටිය ද ආණ්ඩුව ඊට ඇහුම්කන් නොදී කටයුතු කරමින් සිටින බවයි.

මෙම අවස්ථාවට සහභාගි වූ රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුචරිත මැන්දිස් මහතා විසින් පවසා සිටියේ නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඉඩම් හා පොලිස් බලතල උතුරු නැගෙනහිර පළාත් සභාවන්ට ලබාදීමෙන් රටේ වැඩි භූමි ප්‍රමාණයක් මෙන්ම වෙරළාශ්‍රිත ප්‍රදේශයක් මධ්‍යම රජයෙන් ගිලිහි යාම තුළින් එ්කීය ලෙස හදුන්වන බලවත් රට බෙදී ගොස් දුර්වලවී විදෙස් බහුජාතික සමාගම් වල සූරාකෑමට ලක්වනු ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට