සත්‍යයේ පුවත් අඩහැරය….

ඉරානය සහ ශ්‍රී ලංකාවේ සබඳතා තරවෙයි..

 alt=ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා වර්ධනය කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසයි. හෙතම පවසා සිටිකන්නේ සංස්කෘතිය විද්‍යාව සහ වෙළෙඳ ක්ෂේත්‍රයන්වල  සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි. ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපති මොහොඩ් ශරීෆ් අනීස්ගේ පත්වීම් ලිපිය භාරදීමේ අවස්ථාවේ දී ඉරාන ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. දෙරට අතර ද්වීපාර්ශික සහයෝගීතාව සඳහා නව වැඩපිළිවෙළක් ගොඩනැඟීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර වාණිජ බැංකු හරහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට ඉරාන ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇත. ඉරාන අයෝජකයින්ට සහ ව්‍යාපාරිකයින්ට මෙරට ආයෝජනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සුදානම් බැවින් ඒ සඳහා පහසුකම් සලසන ලෙස ඉරානයේ ශ්‍රී ලංකා නව තානාපති මොහොමඩ් ශරීෆ් අනීෆ් මහාතා ඉරාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද  වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට