අදත් පළාත් රැසකට වැසි..
අද (31) දිනය තුළ දිවයිනේ පළාත් රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව මේ වන විට පවතින වැසි තත්වයේ වැඩි වීමක් ඇති විය හැකි බවත් දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය මීට හේතු වන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.