නීතිය අසාධාරණ වෙන්නේ ඇයි ? , ගීතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබදව ගම්මන්පිලගේ අදහස…
ඇයි මේ නීතිය අසාධාරණ වෙන්නේ ?…යනුවෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විමසයි.ඊයේ (02 දා) පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ගම්මන්පිල මහතා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මියට ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය අහිමි වීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.එහි දි වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ ද්විත්ව පුරවැසිභාවය ඇති ඇමැතිවරයෙක් ද සිටියදී ඔබට පමණක් මේ නීතිය බලපාන්නේ ඇයි කියා ස්විට්සර්ලන්ත තානාපතිවරයා, ගීතා කුමාරසිංහ මහත්මියගෙන් විමසා ඇති බවයි. ලැබි ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබදව ගැටළුවක් නැතත් අසාධාරණ ලෙස භයානක වන ද්විත්ව පුරවැසිකමේ නීතිය පිළිබඳව ගැටළුවක් මතුවන බව සදහන් කර සිටි මන්ත්‍රිවරයා නීතිය පිළිබඳ කතා කිරීමට සමාජයේ අවධානය යොමු කිරීමට මීටත් වඩා හොඳ වෙලාවක් නොමැති බව ද සදහන් කර ඇත.