ලග්ගල, තෙල්ගමු ඔයේ අතුරුදන් වූ පිරිස සොයා තවදුරටත් මෙහෙයුම්..
ලග්ගල, ඇටන්වල, තෙල්ගමු ඔයේ දිය නාමින් සිටියදී ඊයේ (04) පස්වරුවේ පුද්ගලයින් 08 දෙනෙකු අතුරුදහන් වූ අතර පුද්ගලයින් පස්දෙනෙකුගේ මෘත ශරීරයන් මේ වන විට සොයා ගෙන ඇති බවත් ඉතිරි තිදෙනාගේ මළ සිරුරු සෙවීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. මෙම මෙහෙයුම් කටයුතු සඳහා යුද හමුදා විශේෂ බලකාය, ශ්රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිටින අතර මෙම දියේ ගිලිණු පිරිස නාත්තණ්ඩිය ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවද අනාවරණය වී ඇත.