සත්‍යයේ පුවත් අඩහැරය….

තෙල් අර්බුදය විසදීමට අමාත්‍ය කමිටුවක් පත් කළයුතුයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=රට තුළ උද්ගතව ඇති තෙල් අර්බුදය විසදීම සදහා වහාම අමාත්‍ය කමිටුවක් පත්කිරීමට කටයුතු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන්ය.

තෙල් අර්බුදය හමුවේ සිය දෛනික කටයුතු පවා සිදුකරගැනීමට නොහැකිව අතිවිශාල ජනතාවක් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර මෙම තත්ත්වය දඩමීමා කරගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීමට තවත් පිරිසක් කටයුතු කරමින් සිටින බවත් ජනතා ගැටළු විසදීම පසෙක ලා ආණ්ඩුවේ අමාත්‍යවරුන් එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් රටට හාස්‍ය උත්පාදනය කරමින් කාලය ගත කරන අතර අග්‍රාමාත්‍යවරයා බලය බෙදීමේ උත්සහයක නිරතව සිටින බවත් ජනාධිපතිවරයා තෙල් අර්බුදය පසෙකලා කිරි අර්බුදයක් ගැන සිය මතය හුවා දක්වමින් කාලය ගත කරන බවත් මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට