සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභා වලට දුන් විට රට තවත් අර්බුදකාරී තත්ත්වයකට පත්වේවි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස

 alt=බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවය මත පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභා වලට ලබාදීම තුළින් සිදුවන්නේ රටතුළ උද්ගතව ඇති ගැටළු විසදී යාම නොව තවදුරටත් රට අර්බුදකාරී තත්ත්වයකට පත්වීම පමණක් බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි.

“එළිය” සංවිධානය විසින් අද (07) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් මෙම අදහස් පළකරන ලද අතර සිය අදහස් දක්වමින් උන්වහන්සේ තවදුරටත් අවධාරණය කර සිටියේ කුමන්ත්‍රණයට දක්ෂ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවා එතුමා අග්‍රාමාත්‍යධූරයට පත්වූ බවයි.

තිස්වසරක් පුරා මෙරට තුළ පැවති යුද්ධය අවසන් කරන අවස්ථාවේ වැඩ බලන ආරක්ෂක අමාත්‍යධූරය හෙබවූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට බෙදුම්වාදීන්ගේ පාර්ශවයේ සිට කටයුතු කිරීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව ද පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මෙහිදී වැඩිදුරටත් කරුණු අවධාරණය කරමින් පවසා සිටින ලදී.

යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා රට බේරා ගැනීම සදහා තීන්දු තීරණයන්ට එළඹෙන්නේ නම් ඊට තම සහය උපරිම ලෙස ලබාදෙන බව ද අභයතිස්ස හිමියන් සිය අදහස් දක්වමින් වැඩිදුරටත් සදහන් කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගී වූ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සදහන් කර සිටියේ තිස්වසරක් පුරා රටත් ජාතියත් විනාශ කිරීමට කටයුතු කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් හට සමාව හිමිවුවද රට බේරාගත් රණවිරුවන් අද වන විට බන්ධනාගාරගතකර ඇති තත්ත්වයක් උදාවී තිබීම ඉතා කණගාටුදායක තත්ත්වයක් වන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට