සත්‍යයේ පුවත් අඩහැරය….

2018 විසර්ජන පනත අද පාර්ලිමේන්තුවට ..

 alt=2018 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත  මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්දී කිරීමට නියමිතව ඇත.ඒ අනුව අද  පස්වරු 3.00ට පමණ අයවැය කතාව සිදුකිරීමට නියමිත බවත්ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 09 වන දින මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව 2018 වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වසරේ සියලු ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් වේ.යහපාලන රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙවන අයවැය මෙය වන අතර මංගල සමරවීර අමාත්‍ය වරයා ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට සිට ලබන 16 වන දින දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 16 වන දින පස්වරුවේ සිදු කිරීමට නියමිතය.අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව ලබන 17 වන දින සිට දෙසැම්බර් 09 වන දින දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති අතර 09 වන දින පස්වරුවේ ඡන්ද විමසීම සිදුකරනු ඇත.මෙවර අයවැය මඟින් පොදු ජනතාවට මෙන්ම සමස්ථ අංශ වෙනුවෙන් සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට