සත්‍යයේ පුවත් අඩහැරය….

දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් සම්මාන ලබයි ..

 alt=ලංකා ගුවන් සමාගම දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවය ලෙස සම්මාන හිමි කරගෙන ඇත.2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකන් ව්‍යාපාරික පන්තිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරි පන්තිය අතුරින් විශිෂ්ඨතම පන්තිය ලෙස සම්මානයට පාත්‍ර වී ඇති බව වාර්තා වේ. මෙම සම්මාන උළෙල මාලදිවයිනේ අන්දු නගරයේදී  පවත්වා ඇත.සමස්ත සංචාරක ක්ෂේත්‍රයම ආවරණය කරමින් සම්පූර්ණ සේවා සහිත ගුවන් සේවා, පිරිමැසුම් ගුවන් සේවා, හෝටල්, විවිධ ආකාරයේ නිකේතන, සම්මන්ත්‍රණ පහසුකම්, සංචාරක ඒජන්සි, සංචාරක මෙහෙයවන්නන්, සංචාරක තාක්ෂණ සපයන්නන්, ප්‍රවාහන සපයන්නන් සහ ක්ෂේත්‍රයේ සී.එස්.ආර් ක්‍රියාකාරකම් යනාදිය සදහා කාණ්ඩ 50ක් යටතේ මෙහිදී සම්මානයට පාත්‍ර විය.එම සම්මාන උළෙලේ දී විශිෂ්ඨතම ගුවන් මැදිරි ආසන පන්තිය සඳහා වූ කාණ්ඩය සඳහා  පළමු පන්තිය, ව්‍යාපාරික පන්තිය සහ පිරිමැසුම් පන්තිය යනාදී පහසුකම් ඇගයීමට භාජනය වී ඇති බව වාර්තිතා වේ. එහිදී එයා ඒෂියා, එයා ඉන්දියා සහ ජෙට් එයාර්වේස් යන ගුවන් සමාගම් තරඟකාරී ලෙස නිර්දේශ වී තිබූ අතර ව්‍යාපාරික පන්තිය විශිෂ්ඨතම ආසන පන්තිය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්මාන හිමි කරගෙන ඇති බව සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට