ගීතා වෙනුවට ආ පියසේන අද පළමු වරට පාර්ලිමේන්තුවට..
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට අනුව ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වීමෙන් පුරප්පාඩු වූ අදාළ පාර්ලිමේන්තු ආසනය සදහා පත්වූ පියසේන ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ පත්කිරීම සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇත.