හම්බන්තොට විරෝධතා සිද්ධියේ 31 කට ඇප..
ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට දී පවත්වන ලද විරෝධතාවය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද සැකකරුවන් 31 දෙනෙකුට අධිකරණය විසින් ඇප ලබා දී ඇති බව වාර්තා වේ. අදාළ නඩුව අද (13) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය විසින් මෙම තීරණය ලබා දී ඇත.