ළිදුල රෝහල් කාර්ය මණ්ඩලය වැඩවරයි..
ස්ථාන මාරුවීම් සම්බන්ධ ගැටළුවක් මුල්කරගනිමින් ළිදුල රෝහල් කාර්ය මණ්ඩලය විසින් අද (13) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙම රෝහලෙන් ස්ථානමාරුවීමක් ලබා පිටව ගිය හෙද නිලධාරිනියක් යළි මෙම රෝහලට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් රෝහල් කාර්ය මණ්ඩලය විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වනු ලබන බවද වාර්තා වේ.