අවුකන පිළිම වහන්සේගේ ආරක්ෂාවට කිසිදු පියවරක් ගෙන නෑ – අවුකන විහාරාධිපති
අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ආරක්ෂාව සදහා මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව අවුකන විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් චෝදනා කර සිටියි. පිළිමවහන්සේ අකුණු සැර වැදීමෙන් ආරක්ෂා කර ගැනීම සදහා අකුණු සන්නායකයක් සවි කළ යුතු බවට යෝජනා වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පොරොන්දු වූ නමුත් එය මේ දක්වා වචනයට පමණක් සීමාවී ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.