සත්‍යයේ පුවත් අඩහැරය….

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වර්ජනයකට..

 alt=පුත්තලම නගරයේ පවත්වා ගෙන යන අනවසර වෙළදසැල් පසු ගිය 12 වන දින ඉවත් කිරීමට ගිය අවස්ථාවකදී මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයකුට එම වෙළදසැල්කරුවන් විසින් පහර දීමක් සිදුකර ඇත. මෙසේ පහර කෑමට ලක්වු මහජන සෞඛ්‍ය පරීක්ෂක නඩරාජා සුරේෂ් මහතා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. එම පරීක්ෂකවරයා රාජකාරීය අවසන් කර නිවස බලා තම යතුරු පැදියෙන් යන අවස්ථාවේදී මෙම පහර කෑමට ලක්වී ඇති අතර එම පහර දීම සිදුකර මේ වන විට දින දෙකක් ගතවී ඇතත් ඒ පිළිබදව පොලීසිය කිසිදු නීතිමය කටයුත්තක් කර නොමැති බවත් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු නොකල හොත් ලබන 16 වන දින සිට දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට