වෙන්නප්පුව මුහුදේ දිය නෑමට ගිය සිසුවෙකු අතුරුදහන්..
මුහුදේ දිය නෑම සදහා ගිය පාසල් සිසුන් දෙදෙනෙකුගෙන් එක් සිසුවෙකු තවමත් අතුරුදහන්ව ඇති බව පොලීස් ආරංචි මාර්ග පවසා සිටියි. වෙන්නප්පුව, සින්දාත්‍රිය ප්‍රදේශයේදී ඊයේ (14) සවස මුහුදේ දිය නැමට ගිය දංකොටුව, හාල්දඩුවන ප්‍රදේශයේ පදිංචිව සිටි රුවන් දුමින්ද නැමැති වයස අවුරුදු 10 ක් වන පාසල් සිසුවා මෙසේ අතුරුදන්ව ඇත. දිය නෑමට ගිය අනෙක් පාසැල් සිසුවා සිය ජීවිතය බේරා ගෙන තිබේ. අතුරුදහන්වූ සිසුවා සොයා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසා සිටියි.