අයවැය විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ විවාදය අද සිට..
2018 වර්ෂය සදහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ විවාදය අද (17) සිට ආරම්භ වේ. අද සිට දින 19 ක් පුරා මෙම විවාදය පැවැත්වීමට නියමිතව ඇති අතර ලබන දෙසැම්බර් මස 09 වන දා අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත. මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීම වැඩි ඡන්ද 93 කින් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී සම්මත විය.