සත්‍යයේ පුවත් අඩහැරය….

තෙල් අර්බුදය ගැන අනු කමිටු වාර්තාව, ආණ්ඩුවේ විකිණීමේ ප්‍රතිපත්තිය තහවුරු කරලා – ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව

 alt=රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ තෙල් අර්බුදය සම්බන්ධයෙන් පසුගිය දා නිකුත් කරන ලද කැබිනට් අනු කමිටු වාර්තාව පිළිබද කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත් එම වාර්තාව ආණ්ඩුවේ විකිණීමේ ප්‍රතිපත්තිය තවදුරටත් තහවුරු කරන්නක් බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි.ඊයේ (17) බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන්කුමාර මහතා විසිනි.

සිය අදහස් දක්වමින් බන්දුල සමන්කුමාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ තෙල් අර්බුදයේ වගකීම සංස්ථාවේ නිලධාරීන් වෙත පවරා, තෙල් සංස්ථාව විකිණීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරතවී සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ඩී.ජේ රාජකරුණා මහතා අවධාරණය කර සිටියේ රට තුළ තෙල් අර්බුදයක් ඇතිවීමට හේතු වූයේ බාල තෙල් නැව ප්‍රතික්ෂේප කිරීම සහ තෙල් පිරිපහදුව අකර්මණ්‍ය වීම නොව ඉන්දියානු තෙල් සමාගමේ ක්‍රියාකලාපය බවයි. කෙසේ වෙතත් තෙල් අර්බුදය පිළිබදව කැබිනට් අනු කමිටු වාර්තාව සකස් කිරීමේදී බාල තෙල් නැව ප්‍රතික්ෂේප කිරීම සහ තෙල් පිරිපහදුව අකර්මණ්‍ය වීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකළයුතු වුවත් අදාළ කමිටුව විසින් එවැන්නක් සිදු නොකර මෙම වාර්තාව සකස් කර ඇති බවත් ඉන්දියාවේ සහ ඉන්දියානු තෙල් සමාගමේ මුදල් වලට යට වී ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද ඩී.ජේ රාජකරුණා මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී. ජාතික සම්පතක් වන ඛනිජ තෙල් සංස්ථාව විකිණීමට ආණ්ඩුව උත්සහ කරන්නේ නම් වීථි බැස ඊට විරෝධය පළකරන බවට රාජකරුණා මහතා මෙහිදී අනතුර අගවන ලදී.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා නිදහස් ඛනිජ තෙල් සේවක සංගමයේ ලේකම් ජයන්ත පරෙයිගම මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට