ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද රාත්‍රිෙය් මෙම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය සහ බැඳුම්කර වංචාව පිළිබද කොමිෂන් සභාවේ කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් බැඳුම්කර වංචාව පිළිබද කොමිෂන් සභාවේ කටයුතු වහාම කඩිනම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇති බව වාර්තා වේ.