ඒකාබද්ධය සමග එක්ව මැතිවරණයට යන්න ශ්‍රී.ල.නි.ප යෙන් තීරණයක්..
ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට බදුන් වී ඇත.