අමාත්‍ය ෆයිසර්ට එරෙහි ඒකාබද්ධයේ විශ්වාස භංග යෝජනාව කථානායකට, ජ.වි.පෙනුත් ඉදිරියේදී විශ්වාස භංගයක්..
ඒකාබද්ධ විපක්ෂය විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කථානායකවරයාට භාර දී ඇති බව වාර්තා වේ. අද (23) කථානායක කාර්යාලයේදී මෙම විශ්වාස භංග යෝජනාව භාරදී ඇත.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාට එරෙහිව තම පක්ෂය ද විශ්වාසභංග යෝජනාවක් ඉදිරි දින කිහිපය තුළ ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණද අවධාරණය කර සිටියි. අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.