ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ජන්ද විමසුම, නාම යෝජනා ලබා දීම ඊයෙන් අවසන්..
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩුව පවතින නිලධාරීන් 06 දෙනෙකු පත් කර ගැනීම සදහා ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත බව එම සභාව පවසා සිටියි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් දස දෙනෙකු ඡන්ද විමසීමකින් තෝරා ගන්නා අතර සෙසු සාමාජිකයන් නිල බලයෙන් පත්වේ. අදාළ ඡන්ද විමසීම සදහා නාම යෝජනා භාර ගැනීම ඊයේ (23) සවස අවසන් විය.