ත්‍රීරෝද රථ නියාමනයට අධිකාරියක්..
ත්‍රීරෝද රථ නියාමනයට වෙනම අධිකාරියක් පිහිටුවීම සදහා අවධානය යොමුව ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අවධාරණය කර සිටියි. දිනෙන් දින ඉහළ යන ත්‍රිරෝද රථ මාර්ග අනතුරු ප්‍රමාණය වළක්වා ගැනීම ඇතුළු ත්‍රිරෝද රථ සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර ත්‍රිරෝද රථ නියාමනය පිළිබද නීතිමය තත්ත්වයන් සමග නිසි ක්‍රමවේදයක් යටතේ ත්‍රීරෝද රථ නියාමන අධිකාරිය ඉදිරියේදී පිහිටුවීමට නියමිතව ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.