ප්‍රාදේශීය කළමණාකාරවරයාට එරෙහිව උතුරේ ශ්‍රී ලංගම සේවකයින් වර්ජනයේ..
අත්තනෝමතිකව කටයුතු කරන ප්‍රාදේශීය කළමණාකාරවරයාට ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙම ප්‍රාදේශීය කළමණාකාරවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට චෝදනා එල්ල කරමින් මෙම වර්ජනය දියත් කර ඇති අතර මේ හේතුවෙන් උතුරු පළාතේ පොදු ප්‍රවාහන සේවයට දැඩි බාධා එල්ල වී ඇති බව ද සදහන්ය.