සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ රටක් පවතියිදැයි නොපෙනෙන තත්ත්වයක් උදාවී අවසන් – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

 alt=දින සියයේ වැඩපිළිවෙළ තුළින් රට සංවර්ධන කරන බවට පොරොන්දු ලබා දෙමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ රටේ සෑම ක්ෂේත්‍රයක්ම පාහේ බිදවැටීමට ලක්ව ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කර සිටියි. අද (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් මෙම අදහස් පළ කරන ලද අතර සිය අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ ත් අද වන විට රටට නායකයෙක් සිටින්නේද, රටේ ආණ්ඩුවක් පවතින්නේද පමණක් නොව රටක් තිබේද යන්න පවා නොපෙනෙන තත්ත්වයක් උදා වී ඇති අතර වත්මන් රාජ්‍ය නායකයාගේ පළිගැනීමේ ක්‍රියාදාමය හේතුවෙන් බිහිවූ ඒකාබද්ධ විපක්ෂය, ජනතාවගේ ඉහළම පිළිගැනීමකට ලක්ව ඇති මේ මොහොතේ කඩා වැටුනු ආණ්ඩුවකට සම්බන්ධ වීමට උත්සහ කරන්නේ මන්දැයි විමසා සිටීමට සිදුව ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන්නේ නම් පමණක් වත්මන් ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කළයුතු බවත් එසේ නොමැතිව කටයුතු කළහොත් මහා සංඝරත්නය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉවත් වීමට කටයුතු කරනු ඇති බවද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රාවණා බලය ජාතික සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ පැවිදි හඩ සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගම ධම්මරංසි යන හිමිවරුන් ද සහභාගි වී සිය අදහස් පළ කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට