සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෝඨාභය අත්අඩංගුවට ගත්තොත් මහා සංඝරත්නය ඇතුළු ජනතාව ඊට එරෙහිව පෙළ ගැසේවි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

 alt=රටම අදුරේ හෙළමින් තිස් වසරක් පුරාවට ජනතාවත් රටත් පෙළන ලද කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමට කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ කූඨ උපක්‍රමයක් මේ වන විට වත්මන් ආණ්ඩුව විසින් දියත් කරමින් සිටින බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි. එළිය සංවිධානය විසින් අද (28) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ එම සංවිධානයේ සාමාජික පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසිනි.

සිය අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ දමිළ ඩයස්පෝරාවේ සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයන්හි පළමු අරමුණ වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්වීම වන අතර මහවිරු දිනය මුල්කරගනිමින් එතුමාව අත්අඩංගුවට ගෙන දමිළ ජනතාව සතුටු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

හමුදා බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගනිමින් ඔවුනට විවිධ හිරිහැර සිදුකරමින් රට තුළ මේ වන විට ක්‍රියාත්මක වන රණවිරු දඩයම, මෙරට යුධ ජයග්‍රහණය අවමන් කිරීමක් වන බවත් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටින ලදී.


යම් හෙයකින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගතහොත් මහා සංඝරත්නය ඇතුළු දේශ හිතෛශී සියළු ජනතාවට ඊට එරෙහිව පෙළ ගැසෙනු ඇති බව ද උන්වහන්සේ මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා එළිය සංවිධානයේ සාමාජිකයින් වන නීතීඥ කල්‍යානන්ද තිරණාගම, සී.ඒ චන්ද්‍රප්‍රේම සහ අරුන් තම්මිමුත්තු යන මහත්වරුන්ද සහභාගි වී අදහස් පළ කරන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට