සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

භයානක ගිනි අවි රට තුළට, වහාම විමර්ශනයක් කර සත්‍ය රටට හෙළි කළයුතුයි – බොදු බල සේනා සංවිධානය

 alt=ලොව දරුණු ඝණයේ ත්‍රස්ත කල්ලි විසින් භාවිතා කරනු ලබන ඉතා භයානක ගිනි අවියක්, එක් පුද්ගලයෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසමින් මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. අද (29) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසිනි.

සිය අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ භයානක ගිනි අවිය මෙරටට ගෙන්වූ පුද්ගලයා සම්බන්ධයෙන් වන සියළු තොරතුරු තමන් සතුව ඇති බවයි. අදාළ ගිනි අවිය ස්නයිපර් අවියක් ලෙස ද භාවිතා කළ හැකි ඉතා භයානක අවියක් වුවද එය මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝලයක් ලෙස ලියාපදිංචි කර ඇති බවත් මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර සත්‍ය කරුණු රටට හෙළි කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි වැඩිදුරටත් පවසා සිටින ලදී.

තවදුරටත් සිය අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ ඉදිරියටත් මෙවැනි අවිආයුධ රටතුළට ගෙනඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට තමන්ට කරුණු රැසක් අනාවරණය වී ඇති බවත් ඒ අනුව ඉදිරි කාලයේ රට ඉතා භයානක තත්ත්වයකට පත්වනු ඇති බවයි. නිදහස් ශ්‍රී ලංකාව ආපස්සයට ගෙන නොයමින්, සිංහල බෞද්ධ උරුමය රැකගැනීමට කටයුතු කළයුතුව ඇති බව ද ඥාණසාර හිමියන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට