අයහපත් කාලගුණය නිසා පළාත් කිහිපයක පාසැල් අද වැසේ..
දිවයිනේ පළාත් කිහිපයක පාසැල් අද (30) දිනය තුළ වසා දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. ඒ අනුව බස්නාහිර, දකුණ, ඌව සහ මධ්‍යම යන පළාත් වල පාසැල් අද දිනය තුළ වසා තැබෙනු ඇත. මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෙම තීරණය ගෙන ඇත.