සත්‍යයේ පුවත් අඩහැරය….

කම්කරු නිලධාරීන් 191 කට ජනපති ප්‍රධානත්වයෙන් අද පත්වීම්, විභාගය දූෂිත නිසා පත්වීම් දෙන්න එපා යැයි ඉල්ලීම්..

 alt=විවෘත සහ සීමිත යන තරග විභාගයෙන් සමත් වූ කම්කරු නිලධාරීන් 191 දෙනකු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව ඇත. උතුරු නැගෙනහිර පළාත්වල පුරප්පාඩු පිරවීම සදහා දෙමළ මාධ්‍ය විශේෂ විභාගය සමත් නිලධාරීන් 22 ක් ද අද පත්වීම් ලබා ගැනීමට නියමිතව ඇති අතර මෙම පත්වීම් ලිපි ලබාදීම අත්හිටුවන ලෙස අදාළ විභාගයේ අපේක්‌ෂකයෙක්‌ ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්‌ කර ඇති බව වාර්තා වේ. මෙම විභාගයේ අඩුපාඩු හා දෝෂ සහගත තත්ත්වයන් පැවති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මෙන්ම ඒ සම්බන්ධයෙන් හිටපු විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. පුෂ්පකුමාර මහතාට ද පැමිණිලි ඉදිරිපත් කර තබේ. එමෙන්ම තවත් අපේක්ෂකයින් පිරිසක් මෙම තරග විභාගය දූෂිත බව සදහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්‌ ද ගොනු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට