සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදුලි වාහන රටතුළ ප්‍රවර්ධනය කරන්න රජයට ඕනෑම සහයක් දෙන්න සූදානම් – ශ්‍රී ලංකා විදුලි වාහන සමාජය

 alt=වත්මන් ආණ්ඩුව විසින් 2018 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය තුළින් විදුලි වාහන සම්බන්ධයෙන් සහන සැලසීමට තීරණය කිරීම යහපත් ප්‍රවණතාවයක් බව ශ්‍රී ලංකා විදුලි වාහන සමාජය අවධාරණය කර සිටියි. ඊයේ (30) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ශ්‍රී ලංකා විදුලි වාහන සමාජයේ කමිටු සාමාජික මහිංසක අබේවික්‍රම මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ විදුලි වාහන සම්බන්ධයෙන් මෙම අයවැය තුළ යහපත් මෙන්ම අයහපත් යෝජනා ද ඉදිරිපත්ව ඇති බැවින් බලධාරීන් ඒ පිළිබදව ද සිය අවධානය යොමු කළයුතුව ඇති බවයි. විදුලි වාහන සදහා බදු සහන ලබා දීමේදී දැනට පවතින බදු ක්‍රමය තවදුරටත් ලිහිල් විය යුතු බවත් භාවිතා කරන ලද විදුලි වාහන මෙරටට ගෙන්වීම තුළින් රටට මෙන්ම ජනතාවටද ඉන් වාසි සහගත තත්ත්වයක් උද්ගත වන බවත් අබේවික්‍රම මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

යම් රටක විදුලි වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම රජයකට පමණක් තනිව සිදුකළහැක්කක් නොවන බැවින් ඊට පුද්ගලික අංශයේ සහය අනිවාර්යයෙන් ලබා ගතයුතු වන අතර අදාළ සහය ඕනෑම අවස්ථාවක ලබාදීමට තම සංගමය සූදානම් බවත් මහිංසක අබේවික්‍රම මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා විදුලි වාහන සමාජයේ කමිටු සාමාජිකයින් වන වෛද්‍ය අසන්ත ද අල්විස්, ජානක විමලධර්ම සහ කේ.සී සෝමරත්න යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට